විභාග කොමසාරිස්ගෙන් ඉන්ධන සඳහා ඉල්ලීමක්

ජූනි 17, 2022

    සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන විසින් ජනතාවගෙන් එසේ ඉල්ලීමක් කර ඇත.

    හෙටින් (18) ආරම්භ වන උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු සාර්ථකව සිදුකර ගැනීම සඳහා මෙලෙස ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ඒ මහතා කියා සිටියි.

    Latest News