මඩකලපුව - කොළඹ දුම්රිය මාස 3 කට පසුව

ජූනි 08, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි.

    මඩකලපුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.10 ට ප්‍රථම දුම්රිය කොළඹ බලා ධාවනය වූ අතර, එම දුම්රිය පස්වරු 3.15 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලඟාවීමට නියමිත බව දුම්රිය ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

    Latest News