ලොව පුරා කොවිඩ් මරණ හාරලක්ෂය ඉක්මවයි

ජූනි 07, 2020

    කොවිඩ් දහනමය වසංගතයෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව,හාරලක්ෂ ඉක්මවා ගොස් තිබේ.

    ලොව පුරා වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව අද වන විට හැටනව ලක්ෂ අසූ එක් දහස ඉක්මවා තිබේ.  රටවල් 215ක පමණ වෛරස ව්‍යාප්තව පවතින අතර ඊට ගොදුරු වු ලක්ෂ 34කට අධික පිරිසක් සුවය ලබා තිබේ. 

    දකුණු ආසියාවේ වැඩිම බලපෑමකට ලක්ව ඇති අසල්වැසි ඉන්දියාවේ වෛරස ආසාදිතයන් සංඛ්‍යාව, ඉතාලිය අභිබවා යමින් දෙලක්ෂ හතළිස් හයදහසේ සීමාව ඉක්මවා ගියේය. ඒ ඉකුත් පැය 24 තුළ එරටින් හඳුනාගත් නව ආසාදිතයන් දස දහස් හාරසිය තිස් අට දෙනා සමගයි. ලොව කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතර 6 වැනි ස්ථානයේ පසුවන්නේ, ඉන්දියාවයි. ඉකුත් පැය 24 තුල සිදුවූ කොරෝනා මරණ 297ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව, හත්දහසකට ආසන්න වී තිබේ.

    Last modified on ඉරිදා, 07 ජූනි 2020 12:47

    Latest News