මහාචාර්ය හූල්ගේ ප්‍රකාශයට එරෙහිව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි (වීඩියෝ)

ජූනි 06, 2020
  • මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අගතියක් වන බවට එම පක්‍ෂය චෝදනා කරයි.

    මේ පිළිබඳ පැමිණිල්ලක් ද අද මැතිවරණ කොමිසමට ඉදිරිපත් කෙරිණ.

    එත්නජීවන් හූල් මහතා අදාළ ප්‍රකාශය කර තිබුණේ පසුගියදා කේබල් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින්.

    මෙම ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අගතියක් වන බවට පැමිණිල්ල මැතිවරණ කොමිසමට බාරදෙනු ලැබුවේ එම පක්‍ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා ද හූල් මහතාගේ ප්‍රකාශය පිළිබඳ ඊයේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 06 ජූනි 2020 19:40

    Latest News