තොන්ඩමාන්‌ වෙනුවට පුත්‌ ජීවන්‌ තොන්ඩමාන්‌ නුවරඑළියට

ජූනි 05, 2020

    ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම්‌ තොන්ඩමාන්‌ මහතාගේ පුත්‌ ජීවන්‌ තොන්ඩමාන්‌ මහතා නුවරඑළිය දිස්තික්‌ නාම යෝජනා පත්‍රයට ඊයේ අත්සන්‌ තැබුවා.

    ඒ, කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස්‌ කාර්යාලයේදී.

    අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක ආරුමුගම් තොන්ඩමාන්‌ මහතා, නුවරඑළිය දිස්තික්කය නියෝජනය කරමින්‌ මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරග කිරීමට නියමිතව තිබිණ. ඒ මහතාගේ අභාවයෙන්‌ පුරප්පාඩු වූ නාම යෝජනාව සඳහායි, ජීවන්‌ තොන්ඩමාන්‌ මහතා අත්සන්‌ තැබුවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන්‌ හා නීතීඥ මඩුල්ලක්‌ ඉදිරියේ ජීවන්‌ තොන්ඩමාන්‌ මහතා නාම යෝජනාවට අත්සන්‌ තැබූ අතර, එම අවස්ථාවට ලංකා කමිකරැ කොංග්‍රසයේ උප සභාපතිවරැන්‌ වන එ.පී. ශක්නිවේල්‌, මරදපාන්ඩි රාමේෂ්වරන්‌, නීතීඥ පී. රාජා තුරෙයි ඇතුළු පිරිසක්‌ එක්ව සිටියා.

    Latest News