තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය හෙට (06) ජනතා අයිතියට (වීඩියෝ)

ජූනි 05, 2020
  • තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් ලබන 06 වැනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

    ඒ සඳහා වැය කෙරුණු මුදල, රුපියල් තුන් කෝටි පනස් ලක්‍ෂයක්. තංගල්ල මූලික රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක් දීර්ඝ කලක සිට අවශ්‍යව තිබිණ. එම නිසා එම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් රෝහලට යාබදව පිහිටා තිබූ දැනට එම ස්ථානයෙන් ඉවත් කර ඇති, තංගල්ල බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් ඒ සඳහා ලබාදුන්නේය. මෙම ගොඩනැගිල්ල වාට්ටු සංකීර්ණයක් ලෙස සකස් කිරීම ආරම්භ කෙරුණේ පසුගිය අප්‍රේල් දෙවැනි දිනයි. ප්‍රදේශයේ ධානපතියන්ගේ මූල්‍ය පරිත්‍යාග ඇතුළුව මාස දෙකක් වැඩි කෙටි කලක් තුළ අංග සම්පූර්ණ හෘද දැඩි සත්කාර ඒකකයකින් සමන්විතව මෙය ඉදි කෙරිණ. මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ තංගල්ල “රුහුණු කරළිය“ සංවිධානයයි.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, නව හෘද රෝග දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අද නිරීක්‍ෂණය කරනු ලැබීය. අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම දැඩි සත්කාර ඒකකය සඳහා රුපියල් කෝටි දෙක හමාරකට අධික වෛද්‍ය උපකරණ ද පරිත්‍යාග කරනු ලැබීය.

    Last modified on සිකුරාදා, 05 ජූනි 2020 20:01

    Latest News