ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 සුව වූ ගණන 839ක්; තවත් 940ක් රෝහල්වල (වීඩියෝ)

ජූනි 04, 2020
  • මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 839ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1790ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දිනය තුළ තවත් රෝගීන් 41ක් සොයා ගැනීමත් සමගයි. ඉන් 36ක් නාවික හාමුදාව ආශ්‍රිතව වන අතර ඉන්දියාවේ සිට පැමිණි 2 දෙනෙක්, බංගලාදේශයේ සිට පැමිණි 1 අයෙක් සහ ඩුබායි සිට පැමිණි අයෙක් ඒ අතර වේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 940ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 56 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූනි 2020 20:21

    Latest News