ජනාධිපතිගේ අත්සන වංචනිකව යොදා ගත් අයෙක් අත්අඩංගුවට

ජූනි 04, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සන සහ ලිපි ශීර්ෂ වංචනික ලෙස භාවිත කළ පුද්ගලයෙකු පොලීසිය විසින්‌ අත්‌අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

    අත්අඩංගුවට පත්වුයේ, අංක 53, සුන්දරාපොල පාර, යන්නම්පලාව, කුරුණෑගල පදිංචි ඊ.එම්‌.පී.ඒ.තුමාර නමැති අයෙක්‌. වැඩ තහනමට ලක්ව සිටි ඔහු, වැටුප්‌, දීමනා සහ උසස්වීම්‌ සමග යළි සේවයේ පිහිටුවන ලෙස සඳහන්‌ කරමින්‌ ජනාධිපතිතුමාගේ ලිපි ශීර්ෂයක එතුමාගේ අත්සන සහිතව ලියූ ලිපියක්‌ ලංකා බැංකුවේ සභාපතිවරයාට යොමුකර තිබෙනවා. එය ව්‍යජ එකක්‌ බව තහවුරු වීමෙන්‌ පසු සැකකරු බැංකු මූලස්ථානය වෙත කැඳවීමෙන්‌ අනතුරුව ඊයේ අත්අඩංගුවට ගැනුණා. ලිපි ලේඛණ සකස්‌ කිරීමට යොදාගත්‌ ලැප්ටොප්‌ පරිගණක සහ සෙසු උපාංගද පොලිස්‌ බාරයට ගෙන තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත්‌ කිරීමෙන්‌ පසු ලබන 8 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

    Latest News