මහින්ද රාජපක්ෂ, විප්ලවීය දේශපාලන අඩසිය වස (වීඩියෝ)

ජූනි 04, 2020
  • ශ්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති සහ වත්මන්‌ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන දිවියට වසර 50 ක්‌ සපිරෙනවා.

    මේ, එතුමන්ගේ විප්ලවීය ගමන්‌ මඟ පිළිබඳ කෙටි සටහනක්‌.

    පරාපිත අවස්ථාවේ සිට තම දේශපාලන ප්‍රවාහය විජයග්‍රහණය කරා ගෙන යා හැකි නායකයින්‌ ලංකා ඉතිහාසයේ දක්නට ලැබෙන්නේ කලාතුරකින්‌. 2015 දී මහින්ද රාජපක්‍ෂ මහතාට අත්වූයේ, නොසිතූ පරාජයක්‌. පරාජය වු විගස ඔහුව මැදමූලනට කොටු කරන්නට සතුරන්‌ සේම මිතුරු වෙසින්‌ සිටි සතුරන්‌ ද උත්සාහ කළා. එහෙත්‌, තමන්‌ නායකත්වය දුන්‌ පනස්අට ලක්‍ෂයක්‌ වූ ජනතාව අතරමං කරන්නට ඔහු ක්‍රියා කළේ නැහැ.

    2015 මහ මැනිවරණග පරාජය වුවත්‌, එහි ජයග්‍රාහී සේයාව අපුරුචට නිර්මාණය වී තිබුණා. එතැන්‌ පටන්‌ නව දේශපාලන ව්‍යාපාරයක්‌ බිහි කරම්න්‌ ආණ්ඩු විරෝධි ජනතාව එක්‌ තැනකට ගොනු කරන්නට ක්‍රියා කරනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ, එහි කූටප්‍රාප්තිය ලෙසයි. දහසක්‌ දේශපාලන පලිගැනීම්‌ මැද එජාප විරෝධි ජනතාව ඒකරාශි කර ගනිමින්‌ 2018 පළාත්‌ පාලන මැතිවරණය අති විශිෂ්ට ජයග්‍රහණයකින්‌ කෙලවර කරන්නට මහින්ද රාජපක්‍ෂ මහතා සමත්‌ වුණා. නව දේශපාලන බලවේගයක්‌ සිය පළමු මැතිවරණයෙන්ම ආණ්ඩු පක්‍ෂයක්‌ පරාජය කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

    2019 ජනාධිපතිවරණයේදී මුළු රටේම ප්‍රාර්ථනා සඵල කළහැකි ශක්තිමත්‌ අපේක්ෂකයෙක්‌ අභිෂේක කරන්නට ද මහින්ද රාජපක්‍ෂ මහතා සමත්වුණා. එපමණක්‌ නොව එය විජයග්‍රහණයෙන්‌ යුතුව කෙලවර කරන්නට හැකිවුණා. එම ගමන පරාජය වූ දේශපාලන ව්‍යාපාරයක්‌ ජයග්‍රහණය කරා ගෙන යන්නේ කෙසේද යන්න, සමාජයට කියා දුන්‌ අපූරු විප්ලවයක්‌. විපක්‍ෂ නායක ධූරය පවා නොමැතිව දේශපාලන පක්‍ෂයක්‌ ජයග්‍රහණය කරවන්නේ කෙසේද යන්න කියා දුන්‌ ඒ අපූරු විප්ලවය මෙරට දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පරිචිජේදයක්‌ සටහන්‌ කරනු ඇති.

    Latest News