හෙට පොසොන් පෝය ; සියලු පොහෝ දින වැඩසටහන් සජීවිව ජාතික රූපවාහිනියෙන්

ජූනි 04, 2020

    හෙට පොසොන් පුර පසලොස්වක පොහොය දිනයයි. මෙවර පොසොන් උත්සවය, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථ පූජා භූමියේදී පැවැත්වේ.

    ඒ සඳහා මේ වන විට සියල්ල සූදානම් බව වාර්තාවේ.

    රාජ්‍ය පොසොන්‌ උත්සවයේ දෙවන දිනය අදයි. රටට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්‌ විශේෂ බෝධි පූජාවක්‌ අද පස්වරු 5.00ට මිහින්තලා පුදුබිමේදී පැවැත්වීමට නියමිතයි, අනතුරුව, මිහින්තලා ආලෝක පූජාව පස්වරු 6.00ට ආරම්භ වන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහනාගේ ප්‍රධානත්වයෙන්. ජාතික රූපවාහිනිය සංවිධාන කරන සද්ධර්ම වර්ෂා පොහෝ දින වැඩසටහන ද මෙවර පැවැත්වෙන්නේ මිහින්තලා පූජා භූමියේ සිටයි. සියලු වැඩසටහන්‌ ක ජාතික රූපවාහිනිය ඔස්‌සේ සංජීව ලෙස විකාශය කෙරේ.

    පොසොන්‌ උත්සවය නිමිත්තෙන්‌, පැලවත්ත යුදු හමුදා මූලස්ථානය ඉදිරිපිට දිවෙන මාර්ගය අසල, යුද හමුදා සාමාජිකයන්‌ නිර්මාණය කළ පහන්‌ කූඩු පුදර්ශනයක්‌ මේ දිනවල පැවැත්වෙනවා. ඊයේ දිනයේ යුද හමුදාපනි ලුතිතන්‌ ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්‌ ශරීර සුවතා මංතීරුව හා පහන්‌ කූඩු ප්‍රදර්ශනය විවෘත කෙරුණා.

    Latest News