යළි පිරිවෙන් ආරම්භ කිරීම, පාසල් විවෘත කිරීමේ දිනයටම

ජූනි 04, 2020

    පිරිවෙන් ආයතන නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙන් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව අධ්‍යාමන අමාත්‍යංශය නිවේදනය කරයි.

    එමෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ නිගමනයන්ට අනුව පාසල් විවෘත කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන දිනයම පිරිවෙන් ආයතන යළි විවෘත කෙරෙන දිනය ලෙස සැලකියුතු බව දැනුම් දෙනු ලැබේ.

    මෙතෙක් නේවාසික ශිෂ්‍ය සිසුන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන්වල පවත්වාගෙන ගිය නේවාසික දිනචර්යාවට අදාළ වනපොත් කිරීම, වත් පිළිවෙත් කිරීම ආදී නේවාසික කටයුතු මෙන්ම බාහිර සිසුන්ගේ හා බාහිර ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් තොරව පිරිවෙන් කෘත්‍යාධිකාරී නාහිමියන්ගේ හා පරිවේනාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොමැති බව ද දැනුම් දෙනු ලැබේ.

    Latest News