නීතියට පිටින් මාළුඇල්ලූ 13ක් අත්අඩංගුවට

ජූනි 03, 2020

    නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොවුන් අත්අඩංගුවට ගැනුනේ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ වැටලීමකදී. එහිදී මසුන් කිලෝග්‍රෑම් 10ක් තවත් ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදාව භාරයට ගැනිණ.

    සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය සහ කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදාව පැවසුවේය.

    Latest News