නාවලපිටිය රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

ජූනි 01, 2020

    නාවලපිටිය,ගම්පොළ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

    තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබීය. අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් ප්‍රධාන මාර්ගය අසළ නවතා තිබූ කැබ් රථයක ගැටීමෙනුයි, අනතුර සිදුව ඇත්තේ. මිය ගොස් ඇත්තේ නාවලපිටිය,මඩගාල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

    නවතා තිබූ කැබ් රථයේ තිබූ භාණ්ඩ ඉන් ඉවත් කරමින් සිටිය දී අනතුර සිදුව තිබේ. තුවාල ලැබූ දෙදෙනා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. ඇඳිරිනීති කාලසීමාවේදී අනතුර සිදුව ඇති බව පවසන නාවලපිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Latest News