ගාල්ලෙන් කාර්යාල දුම්රිය 3ක්

ජූනි 01, 2020

    ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු ගාල්ල හා බෙලිඅත්ත සිට කාර්යාල දුම්රිය 3ක් ධාවනය කළ බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා පවසයි.

    මගීන් ගමන් කරනු ලැබුවේ, නිරෝධායන නීති අනුගමනය කරමින්. ගාල්ලේ සිට දුම්රිය දෙකක් මරදාන බලා ධාවනය කෙරිණ. බෙලිඅත්ත සිට ද දුම්රියක් මරදාන බලා ධාවනය කර තිබේ. මගීන් 516 දෙනෙකු ඉහත දුම්රියවලින් ගමන් පහසුව සලසා ගත් බවයි, අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 01 ජූනි 2020 10:41

    Latest News