ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් ආසාදිත නාවික සමාජිකයා ගැන බිය වියයුතු නෑ

මැයි 28, 2020

    පිටකොටුව, ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙක්ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ සිද්ධිය පිළීබද අනිසි බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසයි.

    අදාල ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පවරාගත් ගොඩනැගිල්ලක්වන අතර එහි කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්‍රියාත්මක කෙරුණු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

    මෙ හේතුවෙන් අදාල ගොඩනැගිල්ලේ සිටි නාවික රියදුරන් ඇතුළු පුද්ගලයින් 200ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 17:01

    Latest News