හිටපු ඇමති තොණ්ඩමාන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තුවට

මැයි 28, 2020

     මහලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතයි. දේහයට රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා එය උදෑසන 10.45 සිට විනාඩි 15ක කාලයක් එහි තැන්පත් කර තැබෙනු ඇති.

    හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කෙරුණු තොන්ඩමාන් මහතා පසුගියදා (26) රාත්‍රී අභාවප්‍රාප්ත විය.

    සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොන්ඩමන් උපත ලැබුවේ 1964 මැයි මස 29 වැනිදායි. ඔහු කොළඹ, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන නායකයෙකු වන තොන්ඩමන් මහතා දිවංගත දේශපාලඥ, හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ මුණුබුරාහි. ඔහු ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව තේරී පත්වූයේ 194 වසරේ අගෝස්තු මහ මැතිවරණයෙන්. අනතුරුව පැවති සෑම මහ මැතිවරණයකින්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය. විවිධ ආණ්ඩු යටතේ තොන්ඩමන් මහතා අමාත්‍ය පදවි කිහිපයක්ම හොබවා තිබේ. දෙදරු පියෙක් වන තොන්ඩමන් මහතාගේ වයස අවුරුදු 55ක්.

    31 දින ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කරන බවයි කම්කරු කොන්ග්‍රසය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මැයි 2020 16:37

    Latest News