හිටපු ඇමති තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු 31

මැයි 27, 2020

    ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද පෙරවරු 11.00 සිට බත්තරමුල්ල ඔහුගේ නිවසේ තැන්පත්කර තැබේ.

    හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කෙරුණු තොන්ඩමාන් මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය.

    සෞම්‍යමූර්ති ආරුමුගම් රාමනාදන් තොන්ඩමන් උපත ලැබුවේ 1964 මැයි මස 29 වැනිදායි. ඔහු කොළඹ, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන නායකයෙකු වන තොන්ඩමන් මහතා දිවංගත දේශපාලඥ, හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ මුණුබුරාහි. ඔහු ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව තේරී පත්වූයේ 194 වසරේ අගෝස්තු මහ මැතිවරණයෙන්. අනතුරුව පැවති සෑම මහ මැතිවරණයකින්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය. විවිධ ආණ්ඩු යටතේ තොන්ඩමන් මහතා අමාත්‍ය පදවි කිහිපයක්ම හොබවා තිබේ. දෙදරු පියෙක් වන තොන්ඩමන් මහතාගේ වයස අවුරුදු 55ක්.

    31 දින ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කරන බවයි කම්කරු කොන්ග්‍රසය පවසන්නේ.

    Latest News