ජයලත් මනෝරත්නයනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

ජන 15, 2020

    ස්වතන්ත්‍ර නාට්‍ය රචකයකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු මෙන්ම ප්‍රවීන රංගවේදීයකු වූ ආචාර්ය ජයලත් මනෝරත්නයනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (15) සවස 3.00ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

    ප්‍රවීන නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා පසුගිය 12 වැනි දා අලුයම බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත විය.

    ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවෙසේ තැන්පත් කැර ඇත. ජයලත් මනෝරත්නයන් හොඳම වේදිකා නළුවා, ටෙලි නාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනෙන්ම සම්මානයට පාත්‍ර වී තිබීම විශේෂත්වයකි. ඔහු ස්වකීය වේදිකා නිර්මාණ රැසකටම රාජ්‍ය සම්මාන දිනාගැනීමට සමත්ව ඇත. වෘත්තියෙන් කථිකාචාර්යවරයකු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 08:04

    Latest News