අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට යළි විවෘතයි

මැයි 27, 2020

    එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට යළි විවෘත කිරීමට නියමිතයි.

    සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය පසුගිය 21වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණ.

    තානාපති කාර්යාලයේ සේවකයින් 5 දෙනෙක්ට වෛරසය ආසාදනය වී තිබූ බවට වාර්තා විය.

    එම තත්ත්වයත් සමඟ තාවකාලිකව වසා දැමුණු අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට යළි විවෘත කෙරෙන අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කරමින් සිය කටයුතු පවත්වාගෙන යන බව ද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News