ගංවතුරෙන් අපිරිසිදු වූ ළිං පිරිසිදු කිරීමට නාවික හමුදා සහය

දෙසැ 24, 2019

    පසුගිය දිනවල උතුරු මැද පළාතට බලපා තිබූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අපිරිසිදු වී තිබු පානීය ජල ළිං පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.

    එමෙන්ම නාවික හමුදා ජංගම ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර මඟින් පිරිසිදු ජලය බෙදාහැරිමට ද කටයුතු කරමින් සිටී.

    උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අඩාල වූ ජන ජිවිතය යථා තත්වයට පත් කිරීමට උරදෙමින් නාවික හමුදාව පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා මේ කයුත්තේ නිරතව සිටියි.

    ඒ අනුව, මේවන විට ගංවතුර හේතුවෙන් අපිරිසිදුව තිබූ ජල ළිං 11 ක් පිරිසිදු කර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට මෙන්ම ජංගම ප්‍රති ආශ්‍රැති යන්ත්‍ර මඟින් පානීය ජල ලිටර් 4500 කට අධික ප්‍රමාණයක් ජනතාව වෙත බෙදාහැරිමට කටයුතු කර ඇත. එමෙන්ම ජනතාවගේ ජන ජිවිතය ගොඩනැංවිම පිණිස නාවික හමුදාව නිරන්තරයෙන් සිය දායකත්වය සැපයිමට කටයුතු කරනු ලබයි.

    Latest News