ඊයේ මියගිය කාන්තාවගේ ඥාතීන් පිරිසක් නිරෝධායනයට

මැයි 26, 2020

    කොරෝනා ආසාදිතව ඊයේ මිය ගිය කාන්තාව කළුතර පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිණයක වූ අතර ඇයගේ ඥාතීන් පිරිසක් සහ ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමත් ඊයේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා සෞඛ්‍ය අංශ දැනුවත් නොකොට ත්‍රිකුණාමලයට ගොස් තිබිණ.

    අද උදෑසන නවත පයාගල ප්‍රදේශයට පැමිණීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් ඔවුන් කළුතර,කෘෂිකර්ම සේවා සංස්කරණ ආයතනයේ තාවකාලිකව රඳවා ගෙන තිබිණ. ඉන් අනතුරුව, සෞඛ්‍ය අංශ උපදෙස් මත එම පිරිස පයාගල ගොරකාදෙණිය විහාරස්ථානයේ දී ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Latest News