ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ අත්අඩංගුවට

මැයි 26, 2020

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දකුණත් වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    මැයි 23 වැනිදා මෙම ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. රටපුරා ඇඳිරි නීතිය පවතින මොහොතේ තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී ෂෙහාන් මධුසංඛව නතර කර පරික්ෂා කළ බව පොලිසිය පවසයි.

    25 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 02වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    ෂෙහාන් මධුසංඛ 2018 වසරේදි බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර මංගල එක්දින වරම් හිමි කරගත් අතර ඔහු එම තරගයේදී කඩුළු ත්‍රිත්වයක්ද ලබාගත්තේය.

    Latest News