ඒ අතර තවදුරටත් අද දිනය තුලදී, කටාර් සිට පුද්ගලයින් 48 දෙනෙක්, බංගලාදේශයේ සිට පුද්ගලයින් 42 දෙනෙක්, ඉන්දියාවේ සිට පුද්ගලයින් 46 දෙනෙක්, සිංගප්පූරුවේ සිට පුද්ගලයින් 07 දෙනෙක්, මාලදිවයිනේ සිට එක් පුද්ගලයෙක් සහ චීනයේ සිට පුද්ගලයින් 04 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.
එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද (16) දිනයේදී ත්රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7,901 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (15) දිනය තුල PCR පරික්ෂණ 9,606 ක් සිදුකර ඇත.