මෙරට කොවිඩ්19 ගණන 1141ක්; සුව වූ ගණන 674ක්

මැයි 25, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 674ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 1141ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ(24) වාර්තා වූ රෝගීන් 52 දෙනාත් සමගයි. එම රෝගීන් 52න් 49ක් කුවේට් සිට පැමිණි අය වන අතර 2ක් නාවික හමුදා සෙබලුන් වේ. ඉතිරි පුද්ගලයා ඉන්දුනීසියාවේ සිට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 458ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 97 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.

    Latest News