ඔස්ට්‍රේලියාවෙන් ICU ඇඳන් 35ක පරිත්‍යාගයක්

මැයි 19, 2020

    ඔස්ට්‍රේලියාවෙන් පරිත්‍යාග කෙරුණු දැඩි සත්කාර ඒකක ඇඳන් 35ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත අද බාරදෙනු ලැබීය.

    අභයාරාම විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම මත මෙම ඇඳන් මෙරටට හිමිවිය. ඇඳක වටිනාකම රුපියල් ලක්‍ෂ 13ක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාම පරිශ්‍ර යේදී මෙම ප්‍රජා සත්කාරය සිදු කෙරිණ. ඔස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු වන මයිකල් ද සිල්වා මහතා එරට රජය සමඟ පිහිටුවා ගත් “ඔස්ට්‍රේලියන් මෙඩිකල් ඒඩ් ප්‍රෝග්‍රෑම් ඔෆ් ශ්‍රී ලංකා“ නම් සංවිධානයේ වැඩපිළිවෙළක් යටතේ මෙම ඇඳන් පිරිනැමිණ. පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News