ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කළ 9,704 අද වනවිට නිවෙස් වෙත

මැයි 19, 2020

    ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් නිරෝධායන කාලසීමාව අද අවසන් කළේය.

    එම පිරිසට 98 දෙනෙකු අයත්. ශ්‍රීමත් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් කොවිඩ් 19 රෝගීන් හමුවීමත් සමඟ නිරෝධායනය සඳහා යොමු කළ පිරිසකුයි මෙලෙස එම කාලසීමාව අවසන් කළේ.

    නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පිරිසක් කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඊයේ පිටව ගියේය. එම පිරිසට 23ක් අයත්. ඔවුන් අතර ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල අයද වේ. නිරෝධායන කාලසීමාව අවසන් කළ බවට සහතිකය ද මොවුන්ට ලබාදුන් අතර, නිවෙස් තුළ නැවතත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

    ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලින් සිය නිරෝධායන කාලසීමාව අවසන් කළ 9,704 දෙනෙකු අද වනවිට නිවෙස් වෙත පිටව ගොස් ඇති බව යුද හමුදාව පවසයි.

    Latest News