ශ්‍රී ලංකාව තුළ PCR‌ පරීක්‍ෂණ 45,000 ක්

මැයි 18, 2020

    ශ්‍රී ලංකාව තුළ 45,000 කට ආසන්න PCR‌ පරීක්‍ෂණ සිදු කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්‌ විශේෂඤ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි.

    තවදුරටත්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, කොව්ඩ්‌ 19 රෝගය වැළඳුණු 434 දෙනෙකු පමණයි.

    කොවිඩි 19 රෝගය වැළඳුණු තවන්‌ 21 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගනු ලැබුවා. ඔවුන්ගෙන්‌ 19 දෙනෙකුම ආරක්ෂක අංශ සාමාපිකයින්‌.‌ අනෙක්‌ දෙදෙනා පසුගියදා ලන්ඩන්‌ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක්‌ වෙන යොමු කර සිටි අය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ මහ නිකායේ මහනාහිම්වරුන්‌ බැහැදැක කොවිඩ්19 වසංගතය මැඩපැවැත්වීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව දැනුවත්‌ කළා.

    Latest News