බකමුණේ අනාරක්ෂිත මැණික්‌ පතලකට වැටී දැරියන්‌ දෙදෙනෙකු මරුට

මැයි 18, 2020

    බකමුණ, කිරිඔය අතරගල්ලෑව ප්‍රදේශයේ නිවසක පිටුපස පැවති අනාරක්ෂිත මැණික්‌ පතලකට ඇද වැටීමෙන්‌ දැරියන්‌ දෙදෙනෙකු ඊයේ සවස මියගියා.

    අවුරුදු 07 සහ 03 වයස්වල පසුවන මෙම දැරියන්‌ එකම පවුලේ සහෝදරියන්‌. මව අනෙක්‌ සිඟිති දරුවාට කිරී පොවමින්‌ සිටින අතරතුර මෙම දැරියන්‌ දෙදෙනා නිවසේ මිදුලේ සෙල්ලම්‌ කරමින්‌ සිට තිබෙනවා. පතලට වැටී සිටියදී සොයා ගැණුනු ඔවුන්‌ බකමුන දිසා රෝහලට ඇතුලත්‌ කරන විටත්‌ මියගොස්‌ සිටි බවයි, අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Latest News