ජපන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැං වුණා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 6.1ක්. සමස්ත ව්‍යාපෘතියේ මුළු වියදම රුපියල් බිලියන 100 ඉක්මවනවා. මේ නව ව්‍යාප්තියත් සමග ගුවන්තොටුපොළේ ගුවන් යානා නැවතීමේ අංගන ප්‍රමාණය 49 දක්වා වැඩිවන අතර එමඟින් ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයකින් වැඩිවේ.
මෙම ව්‍යාපෘතිය නිම වන විට පිරික්සුම් කවුළු සංඛ්‍යාව 53 සිට 149 දක්වා වැඩිවන අතර විගමන කවුළු සංඛ්‍යාව 21 සිට 53 දක්වාත් ආගමන කවුළු 27 සිට 83 දක්වාත් වැඩිකෙරෙනවා. ගුවන්තොටුපොළ දොරටු සංඛ්‍යාව 6 සිට 16 දක්වා වැඩි වන අතර සේවා විවේකාගාර සංඛ්‍යාව හතරේ සිට දහය දක්වා ඉහළ යනවා.
ලොව නැගෙනහිර සිට බටහිර යා කරන ආසියාවේ ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පත් කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.