මෙරට කොවිඩ්19 ගණන 960ක්; සුව වූ ගණන 520ක්

මැයි 17, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 520ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 960ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(16) වාර්තා වූ රෝගීන් 25 දෙනාත් සමගයි. එම රෝගීන් 25න් 23ක් නාවික හමුදා සෙබලුන් වන අතර ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයවලින් වාර්තා වී ඇත.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 431ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 106 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.

    Latest News