මෙරට ආසාදිතයින් 936ක් දක්වා ඉහළට

මැයි 16, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (16) පස්වරු 04.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමගයි.

    අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    අයි.ඩී.එච්, මුල්ලේරියාව, හෝමාගම සහ වැලිසර නාවික හමුදා යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 520 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    මේ වන විට ආසාදිතයින් 407 දෙනෙක් තවදුරටත් රෝහල් කිහිපයක වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 17:26

    Latest News