තවත් ආසාදිතයින් 43ක් සුවය ලබයි

මැයි 16, 2020

    තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙක් සුවය ලබා තිබේ. ඒ අනූව, කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

    නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

    තවත් වෛරස ආසාදිතයින් 406 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 935 ක්.

    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 15:52

    Latest News