නිරෝධායනය සාර්ථකව අවසන් කළ, තවත් 129ක් අද නිවෙස් බලා

මැයි 13, 2020

    නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ, තවත් 129 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා.

    ඒ වව්නියාව, පොම්පෙමඩුව යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටයි.

    පිරිස අද උදෑසන බස්‌ රථ කිහිපයකින්‌ පිටත්‌ කළ බවයි, අප වාරර්තාකරු සඳහන්‌ කළේ. ඔවුන්‌ අවිස්සාවේල්ල හා තණමල්විල හා කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්‌. දෙසතියක කාලයක්‌ යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ ඔවුන්‌ නිරෝධායනයට ලක්වුණා. රජය, තමන්‌ වෙනුවෙන්‌ සිදුකළ මෙහෙයට ඔවුන්ගේ ප්‍රශංසාව පළ කෙරුණා.

    Latest News