ඊයේ පී.සී.ආර්. පරීක්ෂණ 1100ක් රෝගීන් 20යි (වීඩියෝ)

මැයි 13, 2020
  • 900 කට ආසන්න පිරිසක් කොවිඩ්19 නිසා ආසාදිත වුවත් 360කට වැඩි පිරිසක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ඒ අනුව මේ වන විට 889 දෙනෙකු කොවිඩ්19 ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති අතර 366 දෙනෙකු මේවන විට සුවය ලබා පිටව ගොස් ඇත. එමෙන්ම තවත් 514 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

    ඊයේ(12) වාර්තා වූ රෝගීන් 20 දෙනාගෙන් 18 දෙනෙකු නාවික හමුදා සෙබළුන් වන අතර එක් අයෙක් නාවික හමුදා සෙබළෙකු සමීපව ඇසුරු කළ අයෙකු බවා වාර්තා වේ. එමෙන්ම අනෙක් පුද්ගලයා ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකි.

    එමෙන්ම 117 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කොට ඇති අතර මිය ගිය ගණන 9යි.

    තවද ඉලක්කගත පිරිස්වල PCR පරීක්ෂණ තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    කොළඹ සහ අනෙකුත්‌ ප්‍රදේශවල ද එම පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඊයේ දිනයේ පමණක්‌ PCR පරීක්ෂණ 1,100කට ආසන්න ප්‍රමාණයක්‌ සිදු කෙරුණු බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

    Latest News