නිරෝධායන ඇඳිරි නීතිය ගැන අධිකරණ තීන්දුව

මැයි 12, 2020

    මාර්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳ විවිධ මත පළ වුවත් නීතිපතිවරයා හා අධිකරණය එම ක්‍රියාමාර්ගය අනුමත කිරීම ජනතාව ලද ජයක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පොලිසිය පෙන්වා දෙන්නේ, විවිධ සංවිධාන හා පුද්ගලයින්ගේ වසංගත ජනගත කිරීමේ අපේක්‍ෂා එහිදී පරාජයට පත්වූ බවයි. පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ දැන අදහස් පළ කෙරිණ.

    එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා...

    “ගම්පහ පොලිස් වසමේ ඖෂධ හලක් විවෘතව තබනවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම ඇතුලු තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඖෂධහල් හිමියා අත්අඩංගුවට පත්වෙනවා. අධිකරණය ඉදිරියේ දී ඇඳිරි නීතිය සම්බන්ධයෙන් මුලික විරෝධතාවක් ඉදිරිපත් වෙනවා. ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදී ඇඳිරි නීතිය පිළිබඳ නෛතික තත්වය සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික බැලකිරීම් ගරු අධිකරණයට ඉදිරිපත් කළේ“ යැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News