ජනපති ශ්‍රීලනීප සංවිධායකින් කැඳවයි, ප්‍රතිසංවිධානයටත් සුදානමක් (විඩියෝ)

දෙසැ 24, 2018
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

    පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

    පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා සියලුම ආසන සංවිධායකවරුන්ගේ දායකත්වය සහ කැපවීම ඒ සඳහා අපේක්ෂා කරන බව කියා සිටියේය. එමෙන්ම පුළුල් සංධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරිමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මීට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 20:29

    Latest News