සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ

මැයි 11, 2020

    මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගෙන තිබේ.

    මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා වෛද්‍ය බලකායේ අධිපති ලෙස මීට පෙර කටයුතු කර ඇත.

    ඔහු මෙම කලාපයේ විශිෂ්ටතම විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකි. මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක සමයේ සෑම මෙහෙයුම් කලාපයකටම ගොස් සෙබළුන් ගේ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් විමසා බැලූ නිලධාරියෙකු ලෙස ඒ මහතා සැලකේ.

    MajGen_SMunasinhe.jpg

    මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

    Latest News