නිරෝධායනය සම්පූර්ණ කළ තවත්‌ 175ක් අද සිය නිවෙස්‌ බලා

මැයි 11, 2020

    නිරෝධායනයට ලක්‌ කළ තවත්‌ පුද්ගලයන්‌ 175 දෙනෙකු අද සිය නිවෙස්‌ බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ගුවන්‌ හමුදාව පවසයි.

    ඒ, ඉරණමඩු කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙනි. එම පිරිසට පිරිමි පුද්ගලයන්‌ 83දෙනෙකු හා කාන්තාවන්‌ 96 දෙනෙකු අයත්‌වේ.

    මෙම කණ්ඩායම ඉරණමඩු කඳවුරට යොමු කරන ලද්දේ පසුගිය අප්‍රේල්‌ 22 වැනිදායි. කොළඹ බණ්ඩාරනායක මාවත, කසෙල්වත්‌ත සහ දෙමටගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්‌ එම කණ්ඩායමට අයත්‌ වේ.

    Latest News