සීතාවක ගඟේ ගිලී තරුණයන් දෙදෙනෙක් මියයයි

මැයි 10, 2020

    සීතාවක ගගේ අවිස්සාවේල්ල,වෙරලුපිටිය,පරංගිවත්ත තොටුපල ආසන්නයේ දී අද පෙරවරුවේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

    මෙසේ මිය ගොස් ඇත්තේ සීතාවක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ රැකියාවල නියුක්ත 22 හා 28 හැවිරිදි තරුණයක් දෙදෙනෙක්. ඔවුන් ඇඹිලිපිටිය හා පනාමුරේ,සුදුගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තරුණයන් ගොඩගෙන අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවයි, රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 17:44

    Latest News