මැලේසියාවේ සිටි ලාංකිකයින් 178ක් දිවයිනට

මැයි 10, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙක් රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (10) දින සවස ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    මෙම ශ්‍රී ලාංකිකයන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරිණ.

    ඉන්පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගනු ලැබීය.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 17:19

    Latest News