කුරුණෑගල තෝරයායෙන් පැරණි මානව අස්ථි හමුවේ

මැයි 10, 2020

    ඉපැරණි මානව ඇටසැකිලි කොටස් කුරුණෑගල ආසන්න ප්‍රදේශයෙන් හමුවීමත් සමග එය, ප්‍රාග් ඓතිහාසික මානව සාධකයක් හමුව ඇති බවට අනුමාන කෙරේ.

    දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තෝරයාය නාරම්පනාව ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලක් කැපීමේදී පොළොව මට්ටමේ සිට අඩි 8 ක් පමණ ගැඹුරකදී ඉපැරැණි මිනිස් සිරුරක බවට සැක කරන පොසිල කොටස් හමුවී තිබේ.

    පොළව මට්ටමේ සිට අඩි තුනක් පමණ කැනීමේදී හුනුගල් ස්ථරයක් හමුවූ බවද එය තව දුරටත් යටට කැඩීමට උත්සාහ ගත් අවස්ථාවෙිදි සුදු පැහැයෙන් යුත් දැඩි ලෙස ඝනීභවනය වීමට ලක්වූ මෙම පොසිලය දැකගත හැකිවූ බවද සෝමරත්න මහතා පැවසීය.

    අඩි 7 ක් පමණ දිගින් සහ අඩි 4 ක් පමණ පළලට මේ වනවිට මෙම පොසිලය දර්ශනය වන බවද එය තව දුරටත් කැණීම් කළහොත් ඊට වඩා පොළොව යටට සහ දෙපසට මෙය පැතිරී ඇතැයි විශ්වාස කරන බවද පැවසේ.

    මෙම පොසිලයේ වෙන්ව තිබූ කොටස් එක්රැස් කර බැලීමේදී මිනිස් කශේරුකාවට සමාන අස්ථි කොටස් පැහැදිලිව දැකගත හැකි වේ.

     

    Latest News