පූර්ණ සුවය ලැබූ ගණන 260ක්

මැයි 10, 2020

    කොරෝනා වෛරස රෝගයෙන් පූර්ණ සුවය ලබා මේ දක්වා 260 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. 578 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

    කොවිඩ් 19 රෝගය වැළදී ඇති බවට ඊයේ තහවුරු කර ගනු ලැබූ රෝගීන් සංඛ්‍යාව 12 දෙනෙක්. ඉන් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් වන අතර, ඔවුන්, නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බවයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. ඊයේ හඳුනාගත් තවත් රෝගීන් දෙදෙනෙකු වෛරසයට ගොදුරු වූ නාවික හමුදා සාමාජිකයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයන්ගෙන් නිරෝධායනයට යොමු කර සිටි අයයි.

    Last modified on ඉරිදා, 10 මැයි 2020 13:16

    Latest News