අදත් ප්‍රදේශ රැසකට වැසි

මැයි 08, 2020

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව, ඌව, මධ්‍යම,උතුරු මැද සහ දකුණු පළාත්වලත් කළුතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලටමි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති වේ. බස්නාහිර සහ දකුණු පලාත්වලත් පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත්වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 08:51

    Latest News