විශ්‍රාම වැටුප්,වැඩිහිටි දීමනා සඳහා රජයෙන් රු.බිලියන 24ක්

මැයි 04, 2020

    විශ්‍රාම වැටුප් හා ආබාධිත,වැඩිහිටි,වකුගඩු රෝගී ඇතුළු සියලු දෙනාගේ දීමනා සඳහා රුපියල් බිලියන 24ක් වෙන්කර ඇති බව, මුදල් අමාත්‍යාංශය පවසයි.

    එහි ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසන්නේ ඉන් බිලියන 19ක මුදලක්, විශ්‍රාම වැටුප් සඳහා භාණ්ඩාගාරයෙන් අද නිදහස් කළ බවයි. ඒ යටතේ ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝගී දීමනා සඳහා රුපියල් බිලියන 4ක මුදලක්, මේ වන විට සූදානම් කර ඇති අතර ඊට අදාළ නාම ලේඛන, දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ලැබුණු වහාම, එම මුදල් ද නිදහස් කිරීමට සූදානම් බවයි, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබාදෙන දීමනා සඳහා ද මේ වන විට මුදල් සූදානම් කර ඇති බවයි, ඔහු කියා සිටියේ.

    Last modified on සදුදා, 04 මැයි 2020 18:18

    Latest News