අනෙක් රෝග පාලනයටත් අවධානය යොමු කළ යුතුයි - මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

මැයි 04, 2020

    කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගනු ලබන සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද හා සමානවම සෙසු වෛරස රෝග තත්ත්වයන් පාලනය කිරිම සඳහා ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    මේ වනවිට මෙරට තුළ ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

    මෙම වසර තුළ පමණක් ඩෙංගු රෝගීන් 18,000 ක් පමණ වාර්තා වී ඇති බව ද වාර්තා වේ.

    මේ අතර, මී උණ හේතුවෙන් පුද්ගලයින් 100 ක් පමණ මිය ගොස් ඇතැයි ද පැවසේ.

    එය කොරෝනා වෛරසයෙන් මේ වනවිට මියගොස් ඇති පිරිසට වඩා බෙහෙවින් ඉහළ අගයක් ගනු ඇතැයි ද කියා සිටියේය.

     

    Latest News