විශ්‍රාම වැටුප් අද,හෙට හා 6 වැනිදාට

අප්‍රේ 02, 2020

    විශ්‍රාමිකයින් සඳහා අද සහ හෙට විශ්‍රාම වැටුප ගෙවීමට රජය කටයුතු යොදා තිබේ. එම දින දෙකෙහි විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි අයට සඳුදා ඒ සඳහා අවස්ථාව ලබාදී තිබේ.

    තැපැල් කාර්යාල හා අදාළ බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගත හැකි අතර, තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ශ්‍රාමසේවක වසම් තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ගෙනවිත් භාර දෙනු ලැබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 09:19

    Latest News