විශ්‍රාම වැටුප් ලබාදීම සම්බන්ධයෙන් අද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. විශ්‍රාමකයින්ට විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා තම නිවසේ සිට බැංකු හෝ තැපැල් කාර්යාලය වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධාන කර තිබේ.

විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

විශ්‍රාම වැටුප් හා ආබාධිත,වැඩිහිටි,වකුගඩු රෝගී ඇතුළු සියලු දෙනාගේ දීමනා සඳහා රුපියල් බිලියන 24ක් වෙන්කර ඇති බව, මුදල් අමාත්‍යාංශය පවසයි.

විශ්‍රාමිකයින් සඳහා අද සහ හෙට විශ්‍රාම වැටුප ගෙවීමට රජය කටයුතු යොදා තිබේ. එම දින දෙකෙහි විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි අයට සඳුදා ඒ සඳහා අවස්ථාව ලබාදී තිබේ.

Latest News