කර්මාන්ත ශාලා සෞඛ්‍ය අංශයන් හී උපදෙස් අනුව කටයුතු කළ යුතුයි

මැයි 04, 2020

    නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේ දී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති බවයි.

    දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාපවල මේ වනවිට කර්මාන්ත ශාලා 244 ක් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

    සේවක සේවිකාවෝ 46,230 ක් ඒවායේ සේවය කරති.

    කටුනායක නිදහස් වෙළද කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වනවිට කර්මාන්ත ශාලා 62ක නිෂ්පාදන කටයුතු ආරම්භ වී තිබුණි.

    සේවක සේවිකාවෝ 6695 දෙනෙකු එහි එම කර්මාන්ත ශාලා වල සේවයට යොදවා ගෙන තිබේ.

    බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 52ක සේවක සේවිකාවෝ 9031 සිය කටයුතු නැවත ආරම්භ කර ඇත.

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල ද කර්මාන්ත ශාලා 25ක සේවක සේවිකාවෝ 7292 සේවය කරති.

     

     

    Latest News