මෙරට ආසාදිත ගණන 718ක්

මැයි 04, 2020

    මෙරටින් හඳුනා ගැණුනු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 718ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ දී ආසාදිතයින් 13ක් හඳුනා ගැනීමත් සමගයි.

    ඒ අනුව මේ වන විට ආසාදිතයින් 527 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඊයේ(03) දිනය වාර්තා වූ ආසාදිතයින් 13 දෙනාගෙන් ආසාදිතයින් 11 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටි නාවිකයන් බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    සෙසු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සමාජිකයින්ගේ සමීපතමයින් වෙයි. ආසාදිතයින් 184 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

     

     

    Last modified on සදුදා, 04 මැයි 2020 08:57

    Latest News