බ්‍රිතාන්‍යයේ ලාංකිකයන් රැගත් පළමු ගුවන් යානය කටුනායකට

මැයි 04, 2020

    මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැදී සිටි පළමු ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම දිවයිනට රැගෙන එනු ලැබීය.

    එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන ගුවන් යානය අද අළුයම 03.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළගා විය.

    ශ්‍රී ලාංකිකයින් 208 දෙනෙක් ලන්ඩන් නුවර හීතෲ ගුවන් තොටුපළේ සිට මෙලෙස දිවයිනට පැමිණියේය. ඔවුන් විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

    මේ අතර බ්‍රිතාන්‍යයේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් දිවයිනට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දෙවන විශේෂ ගුවන් යානයද අද අළුයම 04.00ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව ගියේය. එම යානය අද පෙරවරු 10.40 ට එරටට ළඟා වීමට නියමිතයි.

    මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන් වාර 3 ක් සංවිධානය කර තිබේ.

    Last modified on සදුදා, 04 මැයි 2020 08:51

    Latest News